රත්ගම දී අභිරහස් ලෙස අපවත්ව තිබූ නෙදර්ලන්තයේ ජිනවංස හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ සියලුම පොලිස් පරීක්ෂණ මේ වන විට ඇනහිට තිබේ.
ඊට මුල් වී ඇත්තේ රස පරීක්ෂක වාර්තා මෙතෙක් නොලැබීම හේතුවෙන් විමර්ශන ඉදිරියට පවත්වාගෙන යාමට බාධා එල්ල වීම බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම අභිරහස් අපවත් වීම සිදුවන්නේ පසුගිය වසරේ ය.
පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව කරාපිටිය ලොව රෝහලේ අධිකරණ වෛද්‍ය වරු විසින් සිරුරේ අභ්‍යන්තර කොටස් වැඩිදුර විමර්ශනය සඳහා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා තිබුණේ මළසිරුර හමුවී සතියක් තුළ ය.
එහෙත් අද වන තෙක් රස පරීක්ෂණ වාර්තා ලැබී නොමැති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.