නෙදර්ලන්ත තානාපතිනිය කොළඹ 7 බයිසිකලෙන් ගිය හැටි

Picture of අසංක

අසංක

මෙරට සිටින නෙදර්ලන්ත තානාපතිවරිය ඊයේ කොළඹ මහ නගර සභාවේ දී නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සමග පැවති හමුවකින් පසුව සිය නිල නිවස බලා පාපැදියකින් ගමන් ගත් අකාරය ඡායාරූපයේ දැක්වේ.

ලබන ජූලි 14 වැනිදා කොළඹ නගරය මෝටර් රථ ධාවනයකින් තොරව තැබීමේ ප්‍රයත්නයට ආදර්ශයක් ගෙනදෙමින් ඇය පාපැදියකින් ගමන් කළාය.

එදිනට කොළඹ නගරය පුරා පාපැදි, ස්කේටර්ස් ආදියෙන් ගමන් ගත හැකි අතර සජීවී සංගීතය, යෝගා ව්‍යායාම ඇතුළු බොහෝ දේ අත්විඳිය හැකි බව රජය දැනුම් දෙයි.

ඕනෑම අයකුට නොමිලේ මේ සඳහා සහබාගි විය හැකි අතර නිරෝගී පරිසර හිතකාමී, මාර්ග තදබදයෙන් තොර පසුබිමක් ගොඩනැංවීමේ මූලික අදියරක් ලෙස CarFreeCMB ව්‍යාපෘතියේ අරමුණයි.

නෙදර්ලන්ත තානාපති කාර්‍යාලය හා කොළඹ මහ නගර සභාවේ ඒකාබද්ධ ව්‍යාපෘතියකි.