2021ට පිවිසි ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සෑම දෙනාටම ශක්තිය, අධිෂ්ඨානය, බලාපොරොත්තුව සහ යහපත් සෞඛ්‍යයක් ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසරට සුබ පැතුම් එක්කරමින් ප්‍රාර්ථනා කරයි.
ඉතා දුෂ්කර වසරක් තුළ සිය රාජකාරි ඉටු කිරීමේදී නොසැලී සිටි සියලුම ඉදිරි පෙරගමන්කරුවන් වෙත තමා විශේෂයෙන් ස්තූතිවන්ත වන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටී.
2021 දී ජනතාවට නව බලාපොරොත්තුවක් සහ නොබිඳිය හැකි ආත්මවිශ්වාසයත් ගෙන එනු ඇති බව හෙතෙම කියාසිටී.