පක්ෂ නායකකම නොව ඡන්දෙට ගත් ණය ගෙවීම ගැන සජිත් තැවෙනවාලු

Picture of අසංක

අසංක


පක්ෂ නායක ලබාගැනීම මේ මොහොතේ තම අරමුණ නොවන බවත් තමා මේ මොහොතේ කල්පනා කරමින් සිටින්නේ ජනපතිවරණය වෙනුවෙන් ගත මිලියන 260ක නය ගෙවීම පිළිබඳව බවත් සජිත් පේ‍්‍රමදාස මහතා පවසූ බව එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමියෝ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද(16) ප්‍රකාශ කළහ

කිසිදු තනතුරක් තමන් බලාපොරොත්තු නොවන බවත් මන්ත‍්‍රීවරු පිරිසක් පැමිණ තමන්ට නායකත්වය ගන්න ලෙස කරදර කරන බවත් ජනාධිපතිවරණයෙන් පසු සජිත් පේ‍්‍රමදාස මහතා මහා සංඝ රත්නයට දැනුම් දුන් බව එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමියෝ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද(16) පැවසූහ.

තමන් ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් මිලියන 260ක් ණය වී ඇති බවත් එම ණය ගෙවීම පිළිබද කල්පනා කල්පනා කරමින් සිටින බවත් සජිත් පේ‍්‍රමදාස මහතා පැවසූ බවත් උන්වහන්සේ සදහන් කළහ.

එක්සත් භික්ෂු පෙරමුණ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.