ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ලබාදීම ඊයේ (16) ආරම්භ වූ අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 19 දෙනෙකු එන්නත ලබාගෙන තිබේ. කොවිඩ් මර්දන එන්නත ලබා නොගන්නා බවට ප්‍රකාශ සිදුකළ පූජ්‍ය අතුරලියේ රතන හිමි ද එන්නත ලබාගැනීම සඳහා පැමිණ සිටිනු දක්නට ලැබිණ.
නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී එන්නත්කරණ කටයුතු ආරම්භ විය. එන්නත් ලබාදීමේ කටයුතු ඉදිරි දින දෙක තුළදී ද සිදුකිරීමට නියමිත ය.
මෙහිදී මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, තිස්ස අත්තනායක, හර්ෂණ රාජකරුණා, පී. දිගම්බරන්, දිලිප් වෙදආරච්චි, මයන්ත දිසානායක, ඉරාන් වික්‍රමරත්න, සරත් ෆොන්සේකා, මොහොමඩ් මුසම්මිල් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එන්නත ලබාගත්හ.