පකිස්ථානයේ සිටි සිසුන් සහ ත්‍රිවිධ හමුදා නිළධාරීන් ලංකාවට පැමිණෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පකිස්ථානයට ගොස් යලි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි පුද්ගලයින් 106 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන ගුවන් යානය අද (21) දින සවස 6.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කලේ පාකිස්ථානයේ විවිධ පාඨමාලා සඳහා ගොස් සිටි යුධ, ගුවන් සහ නාවික හමුදාවන්ට අයත් නිලධාරීන් 82 දෙදෙනෙක් ද එම පිරිසට අයත් බවයි. ඔවුන් සිය පාඨමාලා අවසන් කොට මාසයකට කාලයක් එරට රැඳී සිටිය බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.

එම පිරිසට අමතරව පාකිස්ථානයේ උසස් අධ්‍යාපනය හැදැරීමට ගොස් සිටි තවත් පුද්ගලයින් 24 දෙනෙක් ද එම ගුවන් යානයෙන් යලි පැමිණ ඇත.

මෙලෙස පැමිණෙන සියලු දෙනාම නිරෝධායනය කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.