ඉෂාර රත්නකාර
මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව රහස් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝෂියස් මහතා ඇතුළු 05 දෙනකු ඇප මත මුදාහරින ලෙස අධිකරණය අද නියම කළේය.
ඒක් අයකුට රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප සහ රුපියල් ල්කෂ 20 බැගින් වූ ශරීඍ ඇප 02ක් මත මුදාහරින ලෙස නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සියලුම සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළාය.
මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ පර්පෙචුවල් සභාපති ජෙෆ්රි ඇලෝෂියස් ඒහි අධ්‍යක්ෂවරුන් වන චිත්‍රා රංජන් හුළුගල්ල, පුෂ්පමිත්‍ර ගුණවර්ධන, මුතුරාජා සුරේන්ද්‍රන් සහ මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී.සමරසිරි යන මහත්වරුන්ය.