පරිසර දඩය රුපියල් ලක්‍ෂය දක්වා ඉහලට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නව පරිසර පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ ‍වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ඒ යටතේ පරිසර නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව පනවන දඩ මුදල් ඉහළ නැංවීමට යෝජනා කර ඇති බවය.

ඒ අනූව දැනට රුපියල් 5000 ක සීමාවේ පවතින පරිසර නීති කඩ කිරීමට එරෙහි දඩ මුදල, රුපියල් ලක්ෂයේ සීමාව දක්වා ඉහළ නැංවෙනු ඇත.

ඊට අමතරව කල් ඉකුත් වූ පරිසර ආරක්ෂණ බලපත්‍ර භාවිත කරන පුද්ගලයින්ගෙන් අදාළ කල් ඉකුත් වු කාල සීමාවට යටත්ව දඩ මුදල් අය කර ගැනීමට ද මේ යටතේ අවසර හිමිවේ.

පරිසර අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් ක‍ළේ මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති ‍තෙත් බිම් යන වචනය, පරිසර පනත් කෙටුම්පත යටතේ අර්ථකතනය කර ඇති බවයි

රසායනික ද්‍රව්‍ය කළමනාකරණයට අදාළ නව නීති රැසක් ද, ඊට ඇතුළත් කර තිබේ.