පැතුම් වික්‍රමරත්න
පරිසර විනාශ කිරීම් සිද්ධීන්වලට කඩිනමින් සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක විය හැකි නව ඒකකයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවක් පරිසර කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව වෙත ඉදිරිපත්ව ඇත .
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
එම නව ඒකකකයට පරිසර, වනජීවි, වන සංරක්ෂණ, මහජන ආරක්ෂාව සහ මධ්‍යම පරිසර අධිකාරිය වැනි රජයේ ආයතනවල වගකිව යුතු නිලධාරීන් ඇතුළත් විය යුතු බව අමාත්‍යවරයා යෝජනා කර ඇත .
ඊට සමගාමීව මාධ්‍ය ඒකකයක් ස්ථාපනය කළ යුතු බව ද එම උපදේශක කාරක සභාවේ තීරණය වී ඇති අතර පරිසර විනාශය සම්බන්ධයෙන් රට තුළ ව්‍යාජ ප්රවෘත්ති සංසරණය වැළැක්වීම හා ජනමාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන වැදගත් ප්රවෘත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම එම ඒකකයෙන් සිදුවන බව යෝජනාවේ දැක්වේ .
අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පරිසර කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී, දිවයින පුරා මතු වී තිබෙන පරිසර ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බවද වාර්තාවේ .