පළමුවරට අමෙරිකානුවෙක් කොරෝනා නිසා මරුට

Picture of අසංක

අසංක

ප්‍රථම වරට අමෙරිකාවේ කොරෝනා වෛරසය ආසාදිතයකු ජීවිතක්ෂයට පත්වි ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී.

වොෂින්ටන් ප්‍රාන්තයේ වයස අවුරුදු 50 ගණනක පුද්ගලයකු මෙලෙස මියගොස් ඇති බව දැනගන්නට ඇත.

මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 62 කි.

මේ අතර අයර්ලන්තය, ඉක්වදෝරය සහ කටාර් රාජ්‍යයෙන් මුල්වරට කොරෝනා ආසාදිතයන් පිළිබඳ අද වාර්තා විය.

වෛරසයේ ව්‍යාප්තිය සහ බලපෑම හමුවේ ඒ සම්බන්ධයෙන් පැන වූ අනතුරු ඇඟවීම අධිඅවධානම් තත්ත්වයක් දක්වා ඉහළ නැංවීමට ද ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.

මේ වනවිට ලොවපුරා රටවල් 57 කින් කොරෝනා වෛරසය ආසාදිතයන් 85,000 කට වැඩි පිරිසක් පිළිබඳ වාර්තා වී ඇති අතර වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 3000 කට ආසන්නයි.