පළමු අදියරේදී මෙරට ලක්‍ෂ 03 කට කොවිඩ් එන්නත

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තොගය මෙරට ජනගහනයෙන් ලක්ෂ 03 ක් එන්නත් කිරීමට ප්‍රමාණවත් වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී .

මුල් අදියරේදී මෙම පිරිස එන්නත් කර අවසන් කරන බවද නියෝජ්‍ සෞඛ්ය‍ය  අධ්‍යක්‍ෂ ජනරාල්, මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අප වෙබ් අඩවිය වෙත පැවසීය .

එන්නත් කරණය සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සිදුකළ පෙරහුරුවලින් වැදගත් කරුණු රැසක් අධ්‍යයන කිරීමට හැකිවූ බවත්  ඒ අනුව එක් මධ්‍යස්ථානයකින් පැයක් තුළ එන්නත් කළ හැකි පුද්ගලයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් දැනටමත් දළ අවබෝධයක් ඇති බවත්  විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය ..

ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අනිද්දා දිනය වනවිට මෙරටට ලැබෙනු ඇති බවටයි රජය විශ්වාසය පළ කරන අතර .ඒ අනුව එන්නත ලැබෙන දිනට පසුදා සිට එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිතය.