පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සහ බිරිඳ ලිමිනි රාජපක්ෂ මහත්මියගේ අදට යෙදෙන විවාහ සංවත්සරයේදී ඔවුන් දෙදෙනාට ජීවිතයේ වටිනාම තෑග්ග ලැබුණු බව දැනගන්නට ලැබුණා.
ඒ ඔවුන් දෙදෙනාගේ ආදරණීය පුත් රුවනයි.
තම පුතු මෙලොව එළිය දුටු බවත් ඔහුගේ බිරිඳ ද සුවෙන් සිටින බවත් මන්ත්‍රීවරයා සුබපැතුම් එක්කළ සැමදෙනාටම තුති පුදමින් පවසා තිබුණා.
ඡායාරූපයේ දැක්වෙන්නේ පියා වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ බිරිඳ ශිරන්ති මහත්මිය සිය දෙවැනි මුනුබුරා අතට ගත් මොහොතයි.