පළාත් සභා ඡන්දෙ තියෙන දවස ගැන ජනපති කියයි

Picture of අසංක

අසංක

පළාත් සභා මැතිවරණය ස්ථීර වශයෙන්ම ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටී.

ඊට අදාළව මතුව ඇති ව්‍යවස්ථාපිත ගැටලූ කඩිනමින් නිරාකරණය කරන බව ද ජනාධිපතිවරයා අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවයි.

පැතුම් වික්‍රමරත්න