පළාත් සභා මැතිවරණ පෙත්සම ලබන සැප්තැම්බර් 9 දා විභාගයට

Picture of අසංක

අසංක

මේ වනවිට කල්තබා ඇති සියලු පළාත් සභාවලට අදාළ මැතිවරණයක් වහාම පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමක් ලබන සැප්තැම්බර් 9 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.

සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් ගොනු කරන ලද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලුණි.

අදාළ පෙත්සම විභාග කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් වෙත නොතීසි නිකුත් කළේය.