Fortune Global 500 සමාගම් අතර 152 වැනි ස්ථානයේ පසුවන ලොව දැවැන්ත සමාගමක් වන China Merchants Group සහ එම ලැයිස්තුවේ 174 වැනි සමාගම වන China Merchants Bank හි ඉහළ පෙළේ දුත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
China Merchants Group හි සභාපති Miao Jianmin ඇතුළු මෙම පිරිස පසුගිය සිකුරාදා (21) ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා හමුවී ඇත.

මේ අතර දකුණු ආසියාවේ විශාලතම ලොජිස්ටික් මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගිය සිකුරාදා සිදුකෙරිණි. කොළඹ වරාය තුළ ඉදිකෙරෙන මෙම පරිශ්‍රය සඳහා China Merchants Port Holdings, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සස් ඉංජිනියරින්ග් සමාගම අත්සන් තැබූහ.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජකයා වන China Merchants Port Holdings විසින් මෙහිදී සිදුකරනු ලබන සමස්ත ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 392 කි.
තට්ටු 8කින් සමන්විත මෙම ලොජිස්ටික් මධ්‍යස්ථානය වර්ග අඩි පනස්ලක්ෂයක් පුරා විහිදී ඇති දැවැන්ත පරිශ්‍රයකි.
අදාළ ව්‍යාපෘතියේ 15% බැගින් වන කොටස් හිමිකාරීත්වයන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සස් ඉංජිනියරින් සමාගම සතුව පවතී.
