දම්පත් රණසිංහ
සමස්ත ලංකා විශේෂ අවශ්‍යතා ක්‍රීඩා ශූරතාවලිය පළමු වතාවට ජාතික මට්ටමේ තරගාවලියක් ලෙස පැවැත්විණ.
එය සංවිධාන කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍යාංශය විසිනි.
පළාත් මට්ටමින් ජයගත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමස්ත ලංකා තරගාවලියට සහභාගි වූහ.
කණ්ඩායම් තරඟ, විශේෂ තරග මෙහිදී පැවැත්විණි.
ඒ සඳහා අන්ධ, ඔටිසම්, අබාධිත, සෙමෙන් බුද්ධිය වැඩෙන දරුවන් මෙම තරගවලදී අතිවිශිෂ්ට ලෙස දස්කම් දැක්වීම කැපී පෙනුණි.
මෙහි සමස්ත ශූරතාවය බස්නාහිර පළාත දිනාගත් අතර අනුශූරතාව හිමිකර ගත්තේ දකුණු පළාතයි.
පසුගිය නොවැම්බර් 22 වැනිදා සිට 25 වැනිදා තෙක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/11/IMG-20191128-WA0032.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/11/IMG-20191128-WA0033.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/11/IMG-20191128-WA0031.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/11/IMG-20191128-WA0028.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/11/IMG-20191128-WA0029.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/11/IMG-20191128-WA0025.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/11/IMG-20191128-WA0022.jpg)