ප්‍රභූ රථයක් බුත්තලදී අනතුරක – කඩිමුඩියේම අංක තහඩු ගලවලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ මහගොඩයාය ප්‍රදේශයේ දී ඊයේ (12) පස්වරුවේ ප්‍රභූ රථ පෙළක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මොණරාගල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ මෙම රථ පෙළ වැල්ලවාය දෙස සිට මොණරාගල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබුණා.

මෝටර් රථයේ ගැටුණු ත්‍රීරෝද රථය පසුව ඩිෆෙන්ඩර් රථයේ ද ගැටී අනතුර සිදු වී ඇති අතර එහිදි ත්‍රීරෝද රථයේ ගමන් කළ දෙදෙනකුට තුවාල සිදු වී ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ පසුපස ගමන් කළ පුද්ගලයා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුරින් පසු කඩිමුඩියේම ප්‍රභූ රථවල අංක තහඩු ද ගලවා දමා තිබු බවත් අ