ප්‍රමාදයකින් තොරව මෙරටට කොවිඩ් එන්නත් ලබාදීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මැදිහත්වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇණවුම් කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්‍ෂ දහය නියමිත පරිදි ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත .

ශ්‍රී ලංකා රජය කල විමසීමකදී ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර ඇත .

ඒ අනුව කිසිදු ගැටලුවකින් හෝ ප්‍රමාදයකින් තොරව මෙරට කොවිඩ් එන්නත්කරන වැඩසටහන ඉදිරියර ගෙන යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අද පැවසීය