ප්‍රමාදයකින් තොරව ලංකාවට එන්නත් දෙනවා – ඉන්දියාවේ සීරම් ආයතනය

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇනවුම් කරන ලද කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියනයක් කිසිදු ප්‍රමාදයකින් තොරව ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව ඉන්දියාවේ සීරම් ආයතනය දැනුම් දී ඇත .

සීරම් ආයතනය ඒ පිළිබඳව නිල වශයෙන් මෙරට ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දී ඇති බවද වාර්තාවේ

එක් එන්නත් මාත්‍රාවක් සඳහා අමෙරිකානු ඩොලර් 5 යි ශත 25 බැගින් මාත්‍රා මිලියන 1.5 ක් වෙනුවෙන් ශ්‍රී ලංකාව සීරම් ආයතනයට මුදල් ගෙවා ඇති අතර, ඉන්  එන්නත් මාත්‍රා  මිලියනයක්  ලබන  අප්‍රේල් මාසයේදී හෝ මාර්තු මාසයේදී මෙරටට ලැබීමට නියමිතය .