ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී .
එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කරන්නේ ප්‍රමිති ආයතන ප්‍රධානීන්ගේ වත්කම් සොයා බැලීමට කටයුතු කළ යුතු බවය.
මෙම ආයතන වල ප්‍රධානීන් තම රැකියාවෙන් විශ්‍රාම ගත් පසු ඊළඟට සේවය කිරීමට යන්නේ තමන් උදව් කළ පෞද්ගලික ආයතන වලට බවද ඔහු කියා සිටී.
වසර ගණනාවක සිටම මෙරටට පිළිකාකාරක සහිත ආහාර වර්ග ආනයනය කෙරෙන බවද මෙය වත්මන් ආණ්ඩු කාලයේ ආරම්භ වූවක් නොවන බවද ඒ මහතා.අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය
මෙරටට ආනයනය කෙරෙන නූඩ්ල්ස් වර්ග , චොක්ලට් වර්ග , කිරිපිටි වර්ග රැසක මෙවැනි විසකාරක අඩංගු බවද ඒ මහතා මෙහිදී පැවසීය