ප්‍රවීන කලාකරුවෙකු, විචාරකයකු මෙන්ම ගුරුවරයකු වූ ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටිය දී ඒ මහතා මියගොස් ඇත.
මියයන විට ඒ මහතා 56 වියෙහි පසු වී තිබේ.
ශ්‍රී ලංකා වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව මෙන්ම සාහිත්‍ය කලාවට අනූපමේය සේවාවක් ඉටුකිරීමට ජයලාල් රෝහණ මහතා සමත් විය.
කලාව,සාහිත්‍ය පිළිබඳව ප්‍රායෝගිකව සිය අඳහස් සිත් ඇඳගන්නා ආකාරයෙන් ජනතාවට පසක් කරදීමේ සුවිශේෂී සන්නිවේදන හැකියාවක් ඒ මහතා සති විය.
පේරාදෙණිය සහ කැලණිය සරසවි අධ්‍යාපනය ලබාගත් ජයලාල් රෝහණ මහතා වේදිකානාට්‍ය කලාව, ආලෝකකරණය ආදී ක්ෂේත්‍ර රැසක ග්‍රන්ථ සම්පාදනය කර තිබේ.
මුහුදු ගියා,සපත්තුකබල සහ මරණයක්,මුහුදු පුත්තු,ඉසුරු යෝගය, අයෝමා,එකට ගැටුම, සඳගල තැන්න,නිම්නයක හුඳකලාව, ටිකිරි සුවඳ,මාත් එක්ක නටන්න, සොක්‍රටීස්, සිකුරා, කැලණි පාලම, ආදී ටෙලි,සිනමා හා වේදිකා ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිය ප්‍රතිභාව විදහා දක්වා ඇත.
ජයලාල් රෝහණ මහතා සම්මානයෙන් ද පිදුම් ලැබූ අතිදක්ෂ කලාකරුවෙකි.