ප්‍රාදේශීය මට්ටමින් නිරෝධායන මධ්‍යස්ථාන ඕනෑ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ප‍්‍රාදේශීය මට්ටමින්ද සමූහ නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කල යුතු බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය යෝජනා කර සිටී.

ස්වයං නිරෝධායනයට පුද්ගලයින් යොමු කිරීමේදී ඇතැම් නිවෙස්වල ප‍්‍රමාණවත් පරිදි පහසුකම් නොමැති වීම නිසා මෙවැනි ප්‍රාදේශීය මධ්‍යස්ථානවල අවශ්‍යතාව මතුව ඇති බවද එම සංගමය පෙන්වාදෙ.

දැනටමත් මෙම යෝජනාව රජය වෙත ඉදිරිපත් කර ඇති බවද සංගමය සඳහන් කර සිටී.