පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ ගනුදෙනු පහත වැටිලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ ගනුදෙනු මේ දිනවල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව පකිස්තාන ව්‍යාපාරික සංසදය අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකාවට හාල් හා රෙදි පිළි අපනයනයන් මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ නැවතී ඇති බවත් අර්තාපල් අපනයනය කිරීමද සීග්‍ර ලෙස අඩුවෙමින් යන බවත් , .පාකිස්තාන ව්‍යාපාරික සංසදයේ සභාපති අස්ලම් පඛාලි මහතා එරට මාධ්‍ය වෙත අද (21) සඳහන් කර ඇත.

පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට නිශ්පාදන ආනයනය කරන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව වන බවත් මේ වනවිට ඔවුන් භාණ්ඩ ආනයනය සීමා කර ඇති බවක් පෙනෙන්නට ඇති බවත් පඛාලි මහතා මෙහිදී සඳහන් කර ඇත.

පාකිස්තානයෙන් අපනයනය කළ භාණ්ඩ ශ්‍රී ලංකා වරායෙන් ගොඩ බෑමේ ගැටළු පැනනැග ඇති බවත් . ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්ත්වය තුල ආනයන කරුවන් එම භාණ්ඩ නිදහස් කර නොගැනීමේ තත්වයක් ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙමේ වෙතත් මේ පිළිබඳව පාකිස්තානයේ සිටින ශ්‍රී ලංකා තානාපති සමග සාකච්ඡා කළ බවත් පඛාලි මහතා සඳහන් කර තිබේ.