පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ලබන 23 වන දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයට පැමිණෙන අවස්ථාවේදී මෙරට පාර්ලිමේන්තුවට ද සහභාගී වීමට නියමිතව තිබේ.
මේ පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව් වාර්තා වේ.
එහිදී සාකච්ඡා වී ඇත්තේ බලධාරින්ගේ ඉල්ලීමක් ඇත්නම් ඔහුට පාර්ලිමේන්තුව ඇමතීම සඳහා විශේෂ සැසියක් සංවිධානය කරන බවයි.
ඒ අනුව අග්‍රාමාත්‍ය ඛාන් මෙරට පාර්ලිමේන්තුව ඇමතුවහොත් මෑත කාලවලදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතූ සිව්වන විදේශ රාජ්‍ය නායකයා වනු ඇත.
දිවංගත බ්‍රිතාන්‍ය අගමැති මාග්‍රට් තැචර් 1985 දී ද, 2013 දී තායි අග්‍රාමාත්‍ය යින්ලක් සීනවත්‍රා සහ 2015 දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීය.