ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පළමු වරට නිල සංචාරයක් වෙනුවෙන් මෙරටට ඊයේ පැමිණි පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා අද (24) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.
දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (23) සවස මෙරටට පැමිණි ඉම්රාන් ඛාන් මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ද්වීපාර්ශ්වික හමුවක් පැවැත්වීය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකට ඊයේ (23) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අත්සන් තැබිණ.
ඊයේ අත්සන්කළ ද්විපාර්ශවික ගිවිසුම් පහතින් දැක්වේ.
- සංචාරක සහ යෝගීතාව පිළිබඳව පාකිස්තාන ඉස්ලාමීය ජනරජය හා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය අතර අවබෝධතා ගිවිසුම.
- ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආයෝජන මණ්ඩලය සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආයෝජන මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.
- ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
- කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද්හි කොම්සැට්ස් (COMSATS) විශ්වවිද්‍යාලය අතර සහයෝගීතාව.
- කොළඹ විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.