අද දිනයේ සිට ග්රෑම් 450ක බරින් යුත් පාන් රාත්තලක් රුපියල් 300ක මිලකට අලෙවි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්රකාශ කර සිටිනවා.
තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.
මිට පෙර පාන් රාත්තලක් අලෙවි කෙරුනේ රු.180 කටයි.
මේ අතර ඉදිරියේදී මාළු මිල ගණන් තවදුරටත් ඉහල යා හැකි බව ධීවර සංගම් පවසනවා. භූමිතෙල් හිඟය අවසන් වුවද නොසිතූ ලෙස භූමිතෙල් මිල ඉහලයාම හමුවේ ධීවරයින් සිය රැකියාවෙන් ඉවත් වීම ඊට හේතුව බවයි සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ පැවසුවේ.