පාර්ලිමේන්තුවේ ඔන්ලයින් තොරතුරු ලියාපදිංචිය අගමැතිගෙන් ඇරඹේ

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තුවේ ප්‍රථම වරට හඳුන්වා දුන් මාර්ගගත (online) ලියාපදිංචි කිරීමේ ක්‍රමය හරහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැතිසබේ සාමාජිකයකු ලෙස සිය පෞද්ගලික ලිපිගොනුව ඇතුළත් කර තිබේ.

මෙම තොරතුරු ඇතුළත් කරන ලද්දේ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ය.

9 වන පාර්ලිමේන්තුවේ අලුතින් තේරී පත්වූ සාමාජිකයින්ට දැන් පාර්ලිමේන්තුවට නොගොස් තම ඡන්ද කොට්ඨාශවල රැඳී සිටියදී ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු https://registration.parliament.lk/memberdesk/ ඔස්සේ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ඉදිරිපත් කළ හැකිය.

අගමැතිවරයා මෙම තොරතුරු ඇතුළත් කරන ලද්දේ අද පෙරවරුවේ අගමැතිවරයා ලෙස වැඩ බාරගැනීමෙන් අනතුරුව ය.