දම්පත් රණසිංහ
පාර්ලිමේන්තුව තුළදී අගමැති රනිල් වික්රමසිංහ මහතාට ලබාදුන් සෝඩා බෝතලය තුළ රෙදි කැබැල්ලක් තිබී හමුවීම පිළිබද පුළුල් විමර්ශනයක් වැලිකඩ පොලීසිය විසින් අරඹා තිබේ.
පෙරේදා දිනයේ මෙම සිදුවීම වී ඇත්තේ වැය ශීර්ෂ විවාදයෙන් පසුවයි.
අගමැතිවරයා පානය කිරීම සදහා පාර්ලිමේන්තුව තුළදී සෝඩා බෝතලයක් ඉල්ලා ඇති අතර එහිදී ලබාදුන් සෝඩා බෝතලය අගමැතිවරයාගේ ආහාර පරීක්ෂකවරයා විසින් පරීක්ෂා කරන ලදී.
එහිදී බෝතලය තුළ තිබී අගලක දිගකින් හා අගලක පමණ පළලින් යුත් රෙදි කැබැල්ලක් දැක ඇත්තේ බෝතලයේ සීල් පවා නොකඩා තිබියදී ය.
මේ පිළිබද වහා ක්රියාත්මක වූ අගමැති ආරක්ෂක අංශය ඒ පිළිබද පාර්ලිමේන්තු පොලීසියට කරුණ සැළකර තිබේ.
පාර්ලිමේන්තු පොලීසිය විසින් සිද්ධිය වැලිකඩ පොලීසියට භාරදී ඇති අතර ඔවුන් විසින් ඒ පිළිබද විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇත.