පාසල්වල විෂය බාහිර ක්‍රියාකාරකම් සීමා කරන්නැයි උපදෙස්

Picture of අසංක

අසංක

ඉදිරි මාස කිහිපය තුළ පාසල් ආශ්‍රිතව විෂය බාහිර ක්‍රියාකාරකම් සීමා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

මග හැරුණු විෂය මාලා ආවරණය කිරීම සඳහා හැකි උපරිමයෙන් අදාළ කාල සීමාව උපයෝගී කර ගත යුතු බවද අමාත්‍යාංශය දැනුම් දී ඇත.

උදෑසන රැස්වීම්, දින සැමරුම් වැනි විෂය බාහිර ක්‍රියාකාරකම් මෙම කාල සීමාවේ හැකිතාක් සීමා කරන ලෙසද අමාත්‍යංශය සියලු පාසල් ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

ළමුන් සහභාගී විය යුතු ශාරීරික ක්‍රියාකාරකම් සෞඛ්‍යය රෙගුලාසීවලට අනුගත වෙමින් සිදු කළ යුතු බවද අමාත්‍යාංශය දැනුම් දී ඇත