පාසල් අරින විදිය ගැන අද සාකච්ඡාවක්

Picture of අසංක

අසංක

ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමග කොවිඩ්-19 වසංගත පාලන සෞඛ්‍ය  නීතිරීතිවලට අනුව පාසල් ආරම්භ කිරිම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

පාසල් ආරම්භ කිරීම වෙනුවෙන් මාර්ගෝපදේශන සහ විශේෂ සැලැස්මක් සකස් කිරිම සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් අද(26) දින පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතය ඇතිවීමත් සමග දෙවැනි වාරයේ පාසල් නිවාඩුව නියමිත දිනට දින ගණනාවකට පෙර ලබාදී වහාම පාසල් වසාදැමීමට රජය පියවර ගත්තේය.