පාසල් ඇරඹෙයි – පැමිණීම දුර්වලයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිසුන් 200 ට අඩු පාසල් මාස 6 කට පසු අද විවෘත කෙරුනු නමුත්  බොහෝ පාසල්වලට සිසු දරුවන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීමේද යම් අඩුවක් දක්නට ඇති බව වාර්තාවේ ..

ඇතැම් ප්‍රාථමික ශ්‍රේණිවලට එක් දරුවෙකු පමණක් පැමිණි පාසල් ද ඒ අතරට අයත්වන තර  බොහෝ පාසල් අවට පොලිස් ආරක්‍ෂාවක් ද දක්නට ලැබුණු බව වාර්තාවේ

කෙසේවෙතත් අද පාසල් වෙත පැමිණි දරුවන් සහ ගුරුවරුන් පිළිගැනීම සදහා විශේෂ උත්සවද සංවිධාන කර තිබුනු අතර . වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබියදී පාසල් වෙත පැමිණි ගුරුවරුන් ඉතා හරසරින් පිළිගැනීමට දෙමව්පියන් පියර යොදා තිබිණ

එමෙන්ම පාසල්වල ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ටද දරුවන් මෙන්ම මව්පියන්ද සිය ආදරය සහ ආචාරය දක්වනු මෙහිදී දක්නට ලැබුණු තවත් සුවිශේෂි කරුණක්විය .

ගුරුවරුන් පාසලට පැමිණ නොසිටි බැවින් පාසලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට දෙපා වැද දරුවන් පාසලට පැමිණි අයුරු දැක ගැනීමට හැකිවිය