පාසල් ඇරුණු  පළමු දිනයේම සිසුන්ට වඩා ගුරුවරු ඇවිත්  

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පළාත්වල පාසල් ඊයේ (11) දිනයේ විවෘත වූ පසු  සිසුන්ගේ පැමිණීම  සමස්තයක් ලෙස 51% ක් ලෙස වාර්තා වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශ ලේකම්වරයා ඊයෙ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, ගුරුවරුන්ගේ සමස්ත පැමිණීම 88% ක් වන බවය.
2021 වසරේ පළමු පාසල් වාරය ඊයේ (11) ආරම්භ විය.
ඒ 02 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පමණි.
 බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල් පමණක් ඊයේ විවෘත කෙරිණි.
ඇඳහැලෙන අධික වැසි මැද වුව ද උතුරුමැද පළාතේ දරු දැරියන් උනන්දුවෙන් පාසල් වෙත පැමිණ තිබුණි.
මේ අතර ඇතැම් පාසල් ආශ්‍රිතව දුරස්ථභාවය ආරක්ෂා නොකරගත් පාසල් ගුරුවරුන් පිරිසකට පොලීසිය අවවාද කරනු ද දක්නට ලැබුණි.
අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේ 02 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු ඒ අනුව ඊයේ දිනයේ සිට ආරම්භ කෙරෙන බවයි.
නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පාසල් විවෘත කිරීම සිදු වූ අතර ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.
මේ අතර, නැගෙනහිර පළාතේ පාසල් 32 ක් හැර අනෙක් සියලු පාසල්  ඊයේ දිනයේ විවෘත කර තිබුණි.