පාසල් වෑන්වලට යළි ලීසිං සහනයක්

Picture of අසංක

අසංක

පාසල් වෑන් රථවල ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක සහන කාලයක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළ කර තිබේ.

ඒ “සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය” විසින් කළ ඉල්ලීම් සළකා බලමිනි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විෂයභාර අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.

වන්දි ගෙවීමේ ගැටළු නිසා කොළඹ සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් අඩාල විය.

ඊට කඩිනමි විසඳුම් දී අධිවේගී මාර්ගය තනා නිම කරන්නැයි ජනාධිපතිවරයා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දුන්නේය.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (27) දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් මාවතගම, මහජන පොළ භූමියේ පැවති ජන හමුවේ දී ජනාධිපතිතුමා මේ බව කීය.