ඇතැම් පාසල්වල සෞඛ්‍ය ක්‍රමවේද පිළිපැදීම සතුටුදායක තත්ත්වයක නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටී
පාසල් බලධාරීන් සෞඛ්‍ය උපදෙස් සම්බන්ධයෙන් දක්වන උනන්දුව පිළිබඳවද බරපතල ගැටලු ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත පැවසුවේය
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතව ඇත
ඒ අනුව 10, 11, 12 සහ 13වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කෙරෙන අතර එම පංති කාමර පිරිසිදු කිරීමේ කටයුතු අද සිදු කෙරින
කෙසේ වෙතත් පාසල්තුල සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් එය කොරෝනා වසංගතයේ ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වනු ඇති බවද රෝහණ මහතා පැවසීය .