පාසල් සිසුවකුට අතවර කළ ගුරා රැක්ක විදුහල්පතිට වැඩ වරදී

Picture of අසංක

අසංක

යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ සේවය අත්හිටුවන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

ඒ පාසල් ශිෂ්‍යාවක අපයෝජනය කිරීමේ සිද්ධියක් වසන් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

තම දියණිය ගුරුවරයෙකු විසින් අපයෝජනය කර ඇති බව පවසමින් ඇයගේ මව්පියන් විසින් විදුහල්පතිවරයාට පැමිණිලි කළද ඔහු ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීම වැලැක්වීමට උත්සහ  කළ බව විදුහල්පතිට එරෙහිව එල්ල වූ චෝදනාවකි.

ඒ අනුව එම සිද්ධියට අදාලව විදුහල්පතිවරයාගේ සහ ගුරුවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇත.

පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත ආණ්ඩුකාරවරයා විසින් අදාල උපදෙස් දී ඇත.