පැතුම් වික්‍රමරත්න
පාස්කු දින ප්‍රහාරයට සම්භන්ධ මෙරට ත්‍රස්ත කල්ලි වෙත අන්තර්ජාලය හරහා ආධාර මුදල් ලබාදීමට isis සංවිධානය ඇතුළු ජාත්‍යන්තර අන්තවාදී කණ්ඩායම් කටයුතු කර ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.
විශේෂයෙන්ම බිට් කොයින් (bit coin ) වැනි අන්තර්ජාල මුදල් ඒකක භාවිතා කරමින් මෙම මුල්‍යාධාර සංසරණය වී ඇති බවද අන්තර්ජාල බුද්ධි ආයතනයක් විසින් මේ වනවිට සොයාගෙන ඇත.
දැනට Whitestream ආයතනය උපකල්පනය කරනුයේ මෙවැනි CoinPayment ආයතන හා සම්බන්ධ Bitcoin address බොහොමයක් ISIS ත්‍රස්ත සංවිධානය සතුව ඇති බවයි. ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාරයට පෙර දිනයේදී මෙම Bitcoin address තුල ඇමරිකානු ඩොලර් 9800 පමන වටිනා Bitcoin යොදා සිදුකල විශාල ගනුදෙනු දෙකක් ද ඔවුන් හඳුනාගෙන ඇත..
ශ්‍රී ලංකා පාස්කු දින ප්‍රහාරයට පෙර දිනයේ දී විශාල Bitcoin ප්‍රමාණයක් ISIS ත්‍රස්ත සංවිධානය විසින් ආධාර රැස්කරගැනීමට යොදාගන්නා Bitcoin wallet වලට සංසරණය වූ බවද ඊශ්‍රායලයේ පිහිටි Whitestream නම් මෙම බුද්ධි ආයතනය මඟින් අනාවරණය කර ගෙන ඇත.