පාස්කු ඉරිදා ප්‍රහාර ගැන හොයන ජනපති කොමිසම හෙට සිට සාක්ෂි විමසයි

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හෙට සිට සාක්ෂි විමසීම ආරම්භ කිරීමට සූදානම් වෙයි.

හෙට පස්වරු 2ට සාක්ෂි විමසීම ආරම්භ කරන බව කොමිසමේ ලේකම් එච්.එම්.බී.පී.හේරත් මහතා පැවැසීය.

ඒ අනුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බ්ලොක් අංක 05 හි පළමුවන මහලේ එම කාර්‍යාල පරිශ්‍රයේ දී සාක්ෂි විමසීම සිදු කෙරේ.

මෙම සාක්ෂි ලබාගැනීම ජනතාවට හා මාධ්‍යවේදීන් වෙත විවෘත කර තිබේ.

එහෙත් කාර්‍යාල පරිශ්‍රයට කැමරා, පටිගත උපකරණ හෝ ජංගම දුරකථන ආදි කිසිදු විද්‍යුත් උපකරණයක් රැගෙන ඒම සපුරා තහනම් වේ.