පාස්කු කොමිසමේ පිටපතක් දෙන තෙක් අගරදගුරු හිමි දේශපාලකයන් හමුවීම් එපා කියයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කිසිදු දේශපාලඥයෙක් තමන් හමුවට නොපැමිණෙන ලෙසට දන්වා ඇතැයි වාර්තා වේ.

 

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා වෙත ලබාදෙන තෙක් උන්වහන්සේ දේශපාලනඥයන් හමුනොවන බව කාදිනල් හිමි නිවේදනය කර තිබේ.

 

පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කතෝලික මන්ත්‍රීවරුන් හා අගරදගුරු හිමිපාණන් අතර හමුවක් මාර්තු මස 02 දිනට යෙදී තිබුණි.

 

නව නිවේදනයත් සමග එම හමුවද දින නියමයකින් තොරව කල්දැමූ බව පැවසේ.