පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පත්කල ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ විමර්ශන නිලධාරීන් ඔවුන් මුලින් සේවය කළ ස්ථානවලට මේ වනවිට අනුයුක්ත කරමින් තිබේ.
ඒ අනුව අද වන විට එහි සේවය කළ පොලිස් නිලධාරීන්ගෙන් 50%ක් පමණ මුල් සේවා ස්ථානවලට නැවත යවා ඇති බව කොමිෂන් සභාවේ ආරංචිමාර්ග පවසයි.
ඊට හේතු වී ඇත්තේ මෙම මස 31 වැනිදා වන විට කොමිසමේ සේවා කාලය අවසන් වන බැවිනි.
දෙසැම්බර් 31 වැනිදාට එම කොමිසමේ නිල කාලය අවසන් වීමට තිබුණ ද ජනවාරි 31 දක්වා ජනාධිපතිවරයා විසින් එය දීර්ඝ කරන ලදී .
එම කොමිසමේ නිල කාලය යළි දීර්ඝ නොකරන බව මේ වන විට දැනුම්දී ඇති බැවින් කොමිසමේ සාමාජිකයන් විසින් ඉදිරියේදී අත්‍යවශ්‍යම සාක්ෂි කිහිපයක් පමණක් හැරුණුකොට සාක්ෂි විමසීම මේ වන විට නවතා දමා තිබේ.
කොමිසමේ සාමාජිකයන් මේ වන විට කොමිෂන් සභාව සභා අවසන් වාර්තාව සකස් කරමින් සිටින බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර, සහරාන් හෂීම්ගේ න් පසු එම අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමේ නායකත්වය දරන බව කියන නවුෆර් මවුලවිවරයා සහ තවත් එක් පුද්ගලයෙකුගෙන් පමණක් සාක්ෂි විමසීමට නියමිත බවද වාර්තා වේ.