ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ සය පුද්ගල කමිටුවේ සාමාජිකයින් දේශපාලන පරිණතභාවය, පළපුරුද්ද හා විවිධ ක්ෂේත්‍රවල ඉහළ දැනුම වැනි සාධක පදනම් කරගනිමින් තෝරා පත්කරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාවේ නිර්දේශ මත චූදිතයන්ට නඩු පැවරීම හා විභාග කිරීම යනාදී කටයුතු සඳහා, වාර්තාව අධ්‍යයනයට පත්කළ කමිටුවේ මැදිහත්වීමක් අපේක්ෂා නොකරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කොමිෂන් සභා වාර්තාවට අලුතින් නිර්දේශ ඉදිරිපත් කිරීම ද එම කමිටුවේ කාර්යය භාරයක් නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දී තිබේ.
එමෙන්ම නඩු පැවරීම හා විභාග කිරීම යනාදී කටයුතු, දැනට පවතින යුක්තිය පසඳලීමේ පටිපාටිය අනුව සිදුවනු ඇති බව ද එහි දැක්වේ.
නව කමිටුවට පැවරී ඇති වගකීම වන්නේ, පෙර කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යයනය කොට, නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීම ය.
එහෙත් කමිටුවේ කාර්යභාරය පිළිබඳ වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සහ ගනිමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.