පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව හෙට (15) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී .
කැබිනෙට්ටුවට ඉදිරිපත් කරන වාර්තාවේ පිටපත් මේ වනවිට මුද්‍රණය වෙමින් පවතින බව සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය ..
පාස්කු කොමිසම සිය අවසන් වාර්තාවෙන් ලබා දී ඇති ඇතැම් නිර්දේශ පිළිබඳව මාධ්‍ය මගින් පවා වාර්තා කර තිබුණු අතර පසුගිය දිනවලදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පාස්කු කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන්නැයි ඉල්ලා සිටියහ.