පාස්කු කොමිසමේ සාමාජිකයන්ට විශේෂ STF ආරක්ෂාවක්

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සාමාජිකයන් සියලු දෙනාට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන තිබේ.

ඒ බුද්ධි අංශ විසින් ලබා දුන් නවතම ආරක්ෂක තක්සේරුවකට අනුවයි.

මේ යටතේ පොලිස් විශේෂ කාර්ය බලකායේ යතුරු පැදි බලකායේ විශේෂිත ආරක්ෂාවක් ඔවුන් වෙත සැපයෙනු ඇත.

පාස්කු කොමිසම කොමිසමේ සාමාජිකයන් ලෙස දැනට සේවයේ නියුතු අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක්, විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනෙක් සහ විශ්‍රාමික පරිපාලන නිලධාරියෙක් ද වෙයි.