පාස්කු ප්‍රහාරයට සම්භන්ධ දහයක් විදේශ රටවලින් ගෙන්වයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාස්කු ඉරුදින ප්‍රහාරයට විවිධ අයුරින් සම්බන්ධ වී  ඇතැයි කියන අන්තවාදී කණ්ඩායම්වල දස දෙනකු විදේශයන් හි සිට මෙරටට ගෙන්වා ගැනීමට පියවර යොදා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා මාධ්‍ය වෙත අද පැවසීය .

මෙසේ ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත්තේ ඕස්ට්‍රෙිලියාව,ඩුබායි හා කටාර් රාජ්‍යයන්හි සිටින දස දෙනකු බව ද වීරසේකර මහතා මෙහිදී පැවසීය ..

එම රටවල ආරක්‍ෂක අංශවලද සහයෝගය සහිතව මෙම කටයුතු ක්රියාතක කරන බවද ඒ මහතා පැවසීය

මෙම පිරිස එම රටවල සිට විවිධ අන්තවාදි අදහස් පතුරුවා ඇති බවට තොරතුරු හෙළි වී තිබෙන  බව ද ඇමැතිවරයා සඳහන් කර සිටියේය ..