පාස්කු ප්‍රහාරයට හසුවූ ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට එරට රජයෙන් වන්දියක්

Picture of අසංක

අසංක

මෙරට සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ හෝ ජීවිත හානි සිදුවූ ඕස්ට්‍රේලියානු පුරවැසියන් සඳහා වන්දි ලබා ගත හැකි බව එරට රජය පවසයි.

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් පවසන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බවට ප්‍රකාශයට පත්කර ඇති බැවින් වෙනත් රටකදී ත්‍රස්ත ප්‍රහාරවලට ලක්වන ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට වන්දි ලබාදීමේ ක්‍රමවේදය යටතේ මෙලෙස වන්දි අයදුම් කළ හැකි බවයි.

මේ යටතේ ඩොලර් 75000ක් දක්වා එකවර ගෙවීමේ ක්‍රමවේදය යටතේ වන්දි හිමිවනු ඇති බව ද හෙතෙම පවසා තිබේ.

මේ අනුව ජීවිත හානි වූවන්ගේ පවුල්වලට හා ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයෙන් මෙම වන්දි අයදුම් කළ හැකිය.