පාස්කු ප්‍රහාරයෙන් ඇදවැටුණු සංචාරක කර්මාන්තය යළි නැගිටියි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

පාස්කු ප්‍රහාරයෙන් පසු දරුණු කඩාවැටීමකට ලක් වූ මෙරට සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යලි ගොඩනැගෙමින් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කල නවතම වාර්තාවකින් අනාවරණය වේ.

2019 ඔක්තෝබර් මාසයේ , විදෙස් සංචාරකයින්ගේ පැමිණීම 22.5%කින් පහළ ගොස් ඇති නමුත් පසුගිය මැයි මාසයේ දී දක්නට ලැබුණු 70%ක පහළ යාම හා සැසඳීමේ දී මෙය ක්‍රමික වර්ධනයක් බව දක්නට ඇත.

එසේම 2019 සැප්තැම්බර් මාසයේ දී පැමිණි 108,575 ක සංචාරකයින් ප්‍රමාණය හා සැඳීමේ දී ඔක්තෝබර් මාසයේ දී එම ප්‍රමාණය 9.36%කින් වර්ධනය වී ඇත.

මේ අනුව වසරේ මුල් මාස 10 තුළ දී මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් ප්‍රමාණය 1,495,055 කි.

2019 ඔක්තෝබර් මාසයේ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එය 33,217ක් ලෙසින් වාර්තා වන අතර දෙවැනියට 11,683 ක සංචාරකයින් සංඛ්‍යාවක් චීනයෙන් පැමිණ තිබේ.