පාස්කු ප්‍රහාරයේ තවත් සැකකරුවන් 3ක් ගැන ඉන්දීය බුද්ධි අංශ මෙරටට දන්වයි

Picture of අසංක

අසංක

ඉන්දියාවේ දී අත්අඩංගුවට ගැනුණු අයිඑස් සාමාජිකයකු විසින් හෙළිකරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මෙරට සැකකරුවන් තිදෙනෙකු පිළිබඳ එරට බුද්ධි අංශ විසින් මෙරටට දන්වා තිබේ.

ගාල්ල, කල්මුණේ හා කටුපොත පදිංචිකරුවන් වන මොවුන් තිදෙනා ඉන්දීය රජය දන්වන විට ද සිට ඇත්තේ මෙරට අත්අඩංගුවේ ය.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අප්‍රේල් 28 වැනිදා කළ වැටලීමේදී අත්අඩංගුවට ගෙන ය.

මොවුන් පිළිබඳ හෙළිදරව් කර තිබුණේ ඉන්දියාවේ කොයිම්බතූර්හි පසුගියදා එරට ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගැනුණු අයිඑස් සාමාජිකයකු වන මොහොමඩ් අසරුදීන් නමැත්තෙකි.

කාශ්මීරය අයිඑස් මධ්‍යස්ථානය බවට පත්කරමින් ආසියාව පුරා අයිඑස් සංවිධානය පැතිරවීමට ඔවුන් සැලසුම් කර තිබී ඇත.