පාස්කු ප්‍රහාරයේ නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නීතිපති ඉල්ලයයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රිෂාඩ් රිමාන්ඩ්

දම්පත් රණසිංහ

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබේ. එම සැකකරුවන්ට එරෙහිව නඩු විභාාග කිරීම උදෙසා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ද නීතිපතිවරයා, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්තයන්ට ආධාර අනුබල දීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන මාස තුනකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (10)  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා කළ නියෝගයකට අනුවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයාවන රියාජ් බදියුදීන් යන අය  අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් අප්‍රේල් 24 වෙනිදාය.