ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරුවන් ලෙස නවුෆර් මවුලවි සහ හජ්ජුල් අක්බර් යන පුද්ගලයින් හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
ඔහු මේවනවිට රිමාන්ඩ් භාරයේ සිටින බව අමාත්‍ය සරත් වීරසේකර මහතා , පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සහ ඇමති මණ්ඩල අනු කමිටු වාර්තාව සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ඊයේ(6) පැවැති මාධ්‍ය හමුවේ දී
පැවසීය.
2014 දී එම පුද්ගලයා විසින් IS මතවාදය ගෙන ආ බවත් අමාත්‍යවරයා කියාසිටියේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ ස්වයං ඝාතකයෙක් වූ සහරාන් හෂීම් අන්තවාදී ක්‍රියා සඳහා යොමුව ඇත්තේ 2016 දී බව හෙතෙම කීය.
ඔහුට අනුබල දී ඇත්තේ ද නවුෆර් මව්ලවි විසින් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ සැඟවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් පැවසු අමාත්‍යවරයා, දැනටමත් පුද්ගලයින් 32කුට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි ද කියා සිටියේය.
මේ වන විට පුද්ගලයින් 211ක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බවත්, 75 දෙනෙක් දීර්ඝ කළ රැඳවුම් නියෝග මත සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.