පාස්කු ප්‍රහාරයේ මෙතෙක් හෙළිනොවූ ලිඛිත සාක්ෂි අද කොමිසමට

Picture of අසංක

අසංක

 

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන කොමිසමේ විමර්ශන අංශයට අද පැමිණ තිබේ.

නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඊයේ (18) ද පාස්කු කොමිසමේ විමර්ශන අංශය ප්‍රශ්න කර තිබුණි.

එහිදී නිලන්ත ජයවර්ධන මහතා මෙතෙක් හෙළි නොවූ බොහෝ තොරතුරු ලිඛිත සාක්ෂි සහිතව අනාවරණය කර ඇතැයි වාර්තා වේ.

ඉදිරි දිනකදී ද කොමිෂන් සභාව නිලන්ත ජයවර්ධන මහතාගෙන් සාක්ෂි විමසීමට නියමිත බව වාර්තා වේ.