පාස්කු ප්‍රහාරයේ ෂැංග්‍රිලා බෝම්බයට හසුවූ නීතිඥයෙක්  මිලියන 500 වන්දි ඉල්ලා නඩු මඟට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
 පාස්කු ප්‍රහාරයේදී ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ නීතිඥවරයෙකු වන මෝදිත ඒකනායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලීම ඇතුළුව ඊයේ (20) නඩු 3ක් ගොනු කරනු ලැබීය.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් තමාට සිදු වූ බරපතළ මානසික සහ ශාරීරික හානි වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු 12 දෙනෙකුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලීම ඉන් එක් පැමිණිල්ලකි.